බෙන්තොට අයවැය ඒකාබද්ධ කණ්ඩායම දිනයි


බෙන්තොට ප්‍රාදේශීය  සභාවේ අද (9) පැවති  අයවැය  පාලක ඒකාබද්ධ කණ්ඩායම වැඩි චන්ද දෙකකින්  ජයගහණය කළේය. පාලක පක්ෂයේ සභාපති(ස.ජ.බ) ප්‍රේමකුමාර විජේවර්ධන මහතා විසින් අයවැය යෝජනාවලිය මාසික සභා රැස්වීමේදී ඉදිරිපත් කෙරිණ.
එහිදී පක්ෂ,විපක්ෂ මන්තීවරු අයවැයට පක්ෂව සහ විපක්ෂව අදහස් පළ කළහ.පක්ෂ ,අයවැය පිළිබඳව පක්ෂ විපක්ෂ මන්තීවරුන්ගේ පැයක පමණ කාලයක කතාබහෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු කෙරිණ.්‍

එහිදී පාලක පක්ෂයේ සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන මහතා සහ සමගි ජන බලවේගයේ මන්තීවරුන් පස් දෙනාද, පොදු ජන පෙරමුණේ මන්තීවරුන් දෙදෙනාද ස්වාධීන මන්ත්‍රිවරුන් තිදෙනෙක් ද එක්සත් ජාතික පක්ෂයේ සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන දෙදෙනා ඇතුළු දොළොස් දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් නම දෙනා සහ  ස්වාධීන මන්ත්‍රී නිශ්ශංක දේශප්‍රිය මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. ජාතික ජන බල වේගය පක්ෂයේ නිශාන්ත කුමාර මහතා අයවැය චන්ද විමසීමේ අවස්ථාව සඳහා පැමිණ නොසිටියේය. 

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය එස්.ඒ.වයි.ද සිල්වා

 



Recommended Articles